සෙංකඩගල පුරවරයේ ඉතා පැරැණිම දේවාලය නාථ දේවාලයයි. ඒ ගැන ජනප්‍රවාදයේ රසවත් කතාවක් මෙසේය. දුම්බර යක්‌ගහ පිටියේ විසූ නාථ දෙවියෝ එකල සොළීරටින් පැමිණ පිටියේ දෙවියන් විසින් මහවැලි ගඟෙන් එතරට පළවා හැරීමෙන් පසු ඔහු ධර්මරාජ කන්දෙහි වාසය කළේය. එසේ සිටින අවදියේ දිනක් ගස් බෙනයක සිටි සුදු හාවෙකු පසුපස හිවලෙකු පන්නා යන සැටිත් පසුව හාවුන් හිවලා පිටුපස පන්නා යන සැටිත්, ඒ අතර කොටියකු මුවකු පිටුපස ලුහුබැඳ යන සැටිත්, පසුව මුවත් කොටියා පසුපස ලුහුබැඳ යන සැටිත් දුටුවේය. මේ ආශ්චර්යමත් සිදුවීම දුටු සෙංකඩ නම් බමුණා මේ ස්‌ථානයෙහි මහා බල ඇති හාස්‌කම් ඇති ස්‌ථානයක් ලෙස සලකා ඔහු කුටියක් ඉදි කළේය. මේ අවධියේ ගම්පොළ රාජ්‍ය කළ ෂෂෂ වැනි වික්‍රමබාහු රජු නගරයක් ඉදිකිරීම සඳහා භූමියක් සොයද්දී මේ ආශ්චර්යමත් සිදුවීම ගැන දැන මෙම ස්‌ථානයේ නාථ දේවාලය ඉදි කළේය. ඒ නිසා පළමුව මේ ස්‌ථානයේ වාසය කළ බමුණා සිහිවීම සඳහා මෙම නුවරට සෙංකඩගල යන නාමය තැබුවේය.
නාථ දේවාලය පිළිබඳ තවත් මතයක් නම් ශ්‍රී වික්‍රම රාජ්‍ය සමයේ ඇහැලේපොල කුමාරිහාමි ලවා තම දරුවන් වංගෙඩියක ලා කෙටුව ස්‌ථානය මේ ස්‌ථානය බවයි.
නාථ දේවාලය පිළිබඳ තවත් මතයක් නම් නාථ නම් බමුණකු මෙහි රෝපණය කළ දෙතිස් බෝ අංකුරයක් නිසා මේ ස්‌ථානය නාථ දේවාලය නමින් හැඳින්වූ බව. එය මූලබෝධි වංශය ග්‍රන්ථයේ සඳහන් වේ. බෝධි වහන්සේ අසල ඇති චෛත්‍ය දෙකෙන් එකක බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත යෑයි සැලකේ. වර්ෂ 1705 - 1738 වකවානුවේ මහනුවර රජකළ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මෙම චෛත්‍ය දෙකෙත්, බෝධියේ ආරක්‍ෂාව සඳහාත් බෝධිය වටා ප්‍රාකාරයක් ඉදිකළ බවට ඓතිහාසික සාක්‍ෂිවලින් ඔප්පුවේ. පැරැණි රජවරු නමක් තෝරා ගැනීමේ මංගල උත්සවයන් පවත්වා ඇත්තේද මෙම නාථ දේවාලයේදීය. නම් ලියූ තල්පත් කැබලි බඳුනක් මෙම දේවරුව ඉදිරියේ තැබිමෙන් පසු සෙසු පිරිවර සමඟ මහ රජු පැමිණි කල තල්පතක් තෝරා අතට ගත් පසු මහා අදිකාරම්තුමා විසින් එය අතට ගෙන බලා එහි සඳහන් නම හඬ නගා කියයි.
0 comments:
Post a Comment